Monday, October 7, 2013



Drivermax 7.0 මෘදුකාංගයෙන් ඔයාගේ පරිගනකයේ දැනට පවතින ඔක්කොම ඩ්‍රයිවර්ස් ටික බැකප් කරලා දෙනවා. බැකප් කරනවා කියන්නේ ඉන්ස්ට්‍රෝල් වෙලා තියෙන ඩ්‍රයිවර්ස් වෙන තැනකට සේව් කරලා දෙනවා මේ මෘදුකාංගය හරහා. මැෂින් එක ෆෝමැට් කරන්න කලින් ඩ්‍රයිවර්ස් ටික බැකප් කලාම ‍ෆෝමැට් කරලා ඉවර උනාම ආපහු තිබුනු විදියටම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ට්‍රෝල් කර ගන්න පුලුවන්. වැඩේ හරිම ලේසියි. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් අඩු පළාත් වල ඉන්න ඔයාගේ යාලුවන්ටත් මේක අතිෂයින්ම වැදගත්. මොකද ඒ අයට මැෂින් එකක් ෆෝමැට් කර ගන්න දරන්න වෙන පිරිවැය වැඩියිනේ. Drivermax 7.0 මෘදුකාංගය රෙජිස්ටර් කර ගන්නත් මම ඔයාලට නොමිලේම අවස්ථාව ලබා දීල තියෙනවා.
මුලින්ම බ්ලොග් එකක් හදන්න ඉගෙන ගමු.
                   

     1.කොටස

අපි ඔන්ලයින් රැකියා කරන්න කලින් තමන්ටම කියල බ්ලොග් එකක් පටන් ගමු.මොකද දන්නවද? අපි ඔන්ලයින් කරන රැකියා හැම එකකටම වගේ මේ බ්ලොග් අඩවියක් අවශ්‍ය වෙනවා.

එහෙනම් අපි බ්ලොග් එකක් හදාගම්මුකෝ පල්ලෙහා උපදෙස් විදියට.

මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා.අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා,ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.

හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.

සේවාව ‍තෝරා ගැනීම

ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ

*blogger
*wordpress

යන දෙකෙන්.මමනම් කියන්නෙ blogger තමයි හොඳ.මොකද ඒක Google ගෙම සේවාවක් නිසා.ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.

blogger වලින් බ්ලොගයක් සාදා ගැනීම

www.blogger.com වලට යන්න. මට තව දෙයක් කියන්න අමතක වුනා.blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්
තියෙන්න ඕනා. දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ

හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල ගිණුමෙ email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.

ඒකෙ display name කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනා නම දාලා I accept the term of services කියන එකට ටික් එකක් දාලා CONTINUE කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තිරයක් පෙනෙයි.


ඒකෙ තියෙන CREATE YOUR BLOG NOW කියන එක ක්ලික් කරන්න.
එතකොට පහළ වගේ තිරයක් එයි.

ඒකෙ blog title කියන එකට ඔයාලගෙ හදන බ්ලොග් එකේ නම දෙන්න.
උදා:-සැමදෙයක්ම

blog addres(URL) කියන එකට ඔයාලා හදන බ්ලොග් එකට දාන බ්ලොග් ලිපිනය දෙන්න. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ.පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න
උදා:-yourblogsname.blogspot.com

ඊට පස්සෙ යට තියෙන ඇද වෙච්ච අකුරු(Word Verification)ටික පහළ කො‍ටුවෙ ටයිප් කරන්න.ඊට පස්සෙ CONTINUE කියන එක ක්ලික් කරන්න.
එතකොට පහල වගේ තිරයක් එයි.
දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න.ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම.නැත්නම් ඇඳුම.දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි.හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ.දැන් එහෙනම් CONTINUE කියන එක ක්ලික් කරන්න.

දැන් පහළ වගේ එකක් පෙනේවි.

ඒක පෙනුනද?ඒ කියන්නෙ ඔයා බ්ලොග් එක හදලා ඉවරයි.දැන් ඉතින් START BLOGGING කියන එක ක්ලික් කරන්න.දැන් පෝස්ට් එකක් දාන්න වැටෙයි.ඒ වුනාට පෝස්ට් දාන්න එපා දැම්ම.මම ඊලඟ පෝස්ට් එකේදි ඒ ගැන කියල දෙන්නම්.

දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල.තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.ඊලඟ ලිපියෙන් පස්සෙ ලස්සන කරගන්න පුළුවන්.
                          
                         2.ලිපිය

ඔන්න මම බ්ලොග් එකක් හදන හැටි කියදුන්නු පෝස්ට් එකේ දෙවෙනි පෝස්ට් එක දානවා.මම හිතුවෙනම් දවස් දෙක තුනකින් දාන්න.ඒත් ඉතින් සතියකටත් වැඩිය ගියා.ඒක වුනේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුන හින්දා.

හරි කමක් නැහැ.දැන් ඉතින් වැඩේ පටන් ගමු.දැන් කට්ටිය බ්ලොග් එකක් හදලා ඇතිනෙ.ඉතින් අද කියල දෙන්න යන්නෙ.ඒක ලස්සන කරල පෝස්ට් දාන හැටි.තව ඉතින් followers ගැන,කමෙන්ට්ස් ගැන වගේ දේවල් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.එක පෝස්ට් එකකින් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒත් වෙලාව මදි වුනොත් තව පෝස්ට් එකකින් දාන්නම්.හරි එහෙනම් පටන් ගමු.

ටෙම්ප්ලේට් එකක් දැමීම(Template)

මේකෙන් තමයි බ්ලොග් එකේ ලස්සන ඇති වෙන්නෙ.ටෙම්ප්ලේට් එකක් කියන්නෙ බ්ලොග් එකේ ඇඳුම.නැත්නම් පිටත පෙනුම.ඒක තුල තමයි අපි ලිපි ගැජට්ස් ඕන දෙයක් දාන්නෙ.මේ වගේ ටෙම්ප්ලේට්ස් කිහිපයක් බ්ලොගර් වලින්ම දීලා තියෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.ඒවට ඔයාලා කැමතිනම් කමක් නැහැ.ලස්සන ටෙම්ප්ලේට්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන්ම ගන්න පුළුවන්.ඔන්න මම පහළින් දානවා ඒ වගේ සයිට් තුනක්.(ඒවට යන්න නම උඩ ක්ලික් කරන්න)

** Blogger Templates     (http://btemplates.com)
** Free Blogger Templats    (http://www.bloggertemplatesfree.com)
** BLOGGER TEMPLATES   (http://www.bloggertemplatesblog.com)  (ඉස්සෙල්ල එක නෙමෙයි)

මම අද කියන්න යන්නෙ පළවෙනි එකෙන් ටෙම්ප්ලේට් එකක් දාගන්න හැටි.එහෙනම් මුලින්ම ඒ සයිට් එකට යන්නකෝ.ඊට පස්සෙ කැමති එකක් ‍තෝරගන්න.(ඔය මුලින්ම පේන්නෙ ටිකයි.යට තියෙන ඉලක්කම්වලින් ඊලඟ පේජුත් බලන්න)හරි ‍තෝරගත්තනෙ.ඒක කොයි වගේද කියල බලන්න Demo කියන එක ක්ලික් කරන්න.හොඳනම් Download කියන එක ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ෆයිල් එකක් තියෙන්නෙ.ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆයිල් එකක් විදිහට.ඒක බලන්න අනිවාර්යයෙන්ම WinRar තියෙන්න ඕනා.ඒක කොහොමහරි දාගන්න.ගොඩක් අය ගාව මේක තියෙනවා.සමහර අය දන්නෙත් නැහැ.(මේක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න)හරි.කොහොමහරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරල Extract කරගන්න.(දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න)ඊට පස්සෙ බ්ලොගර් වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට යන්න ඊට පස්සෙ Design කියන එකට යන්න.(ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ.)

ඊට පස්සෙ එතනින් උඩ තියෙන Edit HTML කියන එකට යන්න.(පින්තූරෙ බලන්න)

ඊට පස්සෙ එතන තියෙනවනෙ Choose File කියල එකක්.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ  ටෙම්ප්ලේට් එක Extract ෆෝල්ඩරේ ඇතුලට යන්න එතකොට ඔයාලගෙ ටෙම්ප්ලේට් ෆයිල් එක තියෙයි.(ඒක .xml ෆයිල් එකක්.)ඒකෙ අයිකන් එක මම පහල පින්තූරෙ පෙන්නල තියෙනවා.

අන්න ඒක ‍තෝරගෙන open කරන්න.ඊට පස්සෙ upload කියන එක ක්ලික් කරන්න.එතකොට පහළ වගේ තිරයක් එයි.(නොඑන්නත් පුළුවන්)
ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න

ඒකෙ keep widget කියන එක ක්ලික් කරන්න.දැන් ටිකකින් හරි.ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙයි.ගිහිල්ල බලන්න බ්ලොග් එකට.


                      3.ලිපිය 

හරි.දන ටෙම්ප්ල්ටේ එකකුත් දැම්මනේ.දන තියෙන්නේ බ්ලොග් එකේ පෝස්ට්ස් දාන විදිය ඉගෙන ගන්නයි.එකනම් සිම්පල්.මුලින්ම ඔයාලගේ බ්ලොග් එකට යන්න.එතකොට එහි උද වම පැත්තේ ඇති පෑනක් වගේ තියෙන පොඩි බට්න් එකක්.එක ක්ලික් කරන්න.පහත රූපය බලන්න.

හරි.දන ආව පේජ් එකේ Title කියන තැන ඔබගේ ලිපියේ පාත්රුකාව ටයිප් කරන්න.

ඊට යටින් තියෙන විශාල ප්‍රදේශයේ ඔබගේ ලිපිය සකස් කරන්න(ටයිප් කරන්න)

දන සේරම වේද ටික කරානම් අර Publish කියන බට්න් එකක්ලික් කරලා ඔබගේ ලිපිය පලකරන්න ඔබගේ බ්ලොග් අඩවියේ.


හරි එහෙනම් ඔන්න බ්ලොග් එකක කරන්න ඕන මූලික දේවල් ටිකනම් කියල දුන්න.ඉතුරු වැඩ ටිකනම් ඔයාලට ඉගෙනගන්න වෙයි.අනික තමන්ම තනියමම දෙයක් ඉගෙනගත්තොත් තමයි එකේ වටිනාකමක් තියෙන්නේ.ඒ වගේම හඳට මතක හිටිනවා.

දැන් ඉඳං අපි කියල දෙන්නේ ජොබ් එකේ වැඩ තමයි.
ඔබේ දරුවා අන්තර්ජාලයේ ආරක්ෂිතද? [web filter & website blocker]


ඔබේ දුව පුතා ඔබේ අධීක්ෂණයෙන් තොරව පරිගණකය භාවිතා කරනවාද ? වැරදීමකින් හෝ ඔහු/ඇය නොමනා වෙබ් අඩවියකට පිවිසුනොත් ? ඔහුගේ/ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්.. මොකද ඔවුන්ට තවමත් ජීවිතය ගැන අවබෝධයක් නැති නිසා.. දෙයක් වූ පසු පිළිතුරු සෙවීම නොව, වන්නට පෙර ඊට පිළියම් යෙදීමයි වැදගත්..
බොහෝ web filter software තිබුණත් බොහොමයක් නොමිලේ දෙන්නෙ නෑ වගේම, තියෙන පොදු දුර්වලතාවයක් තමයි poxy server හමුවේ ඵල රහිත වීම.. එහෙම නොවන web filter & website blocker software බොහොම සීමිතයි..
ඒ අතරිනුත් බොහොම ජනප්‍රිය web filter & website blocker software එකක් විදියට Kurupira web filter එක හදුන්වල දෙන්න පුළුවන්.. මේක එක්තරා විදියක key-logger එකක් විදියටත් හදුන්වන්න පුළුවන්. නමුත් මේකෙ මූලික අරමුණ web filtering.. මේකෙ function ගැන කෙටියෙන් හැදින්වීමක් කළොත්,
    සියළු ආකාරයේ Porn websites වලට පිවිසීම අවහිර කිරීම.
    Search engine හරහා blocked keyword search කිරීමට ඉඩ නොදීම හා Search results වලට 18+ සෙවුම් ප්‍රතිඵල අවහිර කිරීම.
    Computer එකේ දැනට install කර ඇති ඕනෑම Program/Software/Game එකක් Run කිරීම වැලක්වීම.
    එක් එක් වෙබ් අඩවි වලට පිවිසුණු වාර ගණන හා ගත කල කාලය.
    කරන ලද සියළු ක්‍රියාකාරකම් වල Snapshots ලබාගත හැකි වීම.
    Social Network වෙබ් අඩවි අවහිර කිරීමේ හැකියාව.
    ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියකට පිවිසීම අවහිර කළ හැකිය.
    ඔබ විසින් අනුමත නොකල වෙබ් අඩවියකට පිවිසීම කල විට හෝ ලබාගත් snapshots ඔබේ email ගිණුමට ගෙන්වාගත හැකි වීම.
මේ software එක Task manager process වලින් end කරන්නත් බෑ. Poxy server හරහා ගියත් blocked sites Visit කරන්නත් බෑ.
මේක open කරන්න පුළුවන් system tray එකේ තියෙන icon එකෙන්, නැත්නම් start menu එකේ kurupira කියල search කිරීමෙන්. (අවශ්‍ය නම් ඒකත් ඉවත් කරන්න පුළුවන්)
දැන් Password එක දෙන්න ඕන.. (software එක මුලින්ම install කරද්දි තමන්ට කැමති password එකක් දෙන්න පුළුවන්)
ඊට පස්සෙ තමයි software එක open වෙන්නෙ. (Password  එක නැතුව Uninstall කරන්නත් බෑ)

මේකෙ තවත් වැදගත් දෙයක් තමයි සතියේ ඔබ කැමති දිනවල, කැමති වෙලාවන් වලට පමණක් website auto block වෙන්න සකස් කිරීමට හැකිවීම. එමඟින් ඔබේ දරුවන් Social Network වල ගතකරන කාලය අඩුකරගන්න පුළුවන්..
ඔබගේ payza අන්තර්ජාල බැංකු ගිණුම 100% නිවැරදිව Verify කරගන්නා ආකාරය .

 1 . paypal

පේ පෑල් = පේ පෑල් කියන්නේ බොහොම ප්රසිද්ද ගොඩක් ප්රයෝජනවත් අන්තර්ජාල බැංකු ගිනුමක් ඒත් වැඩේ කියන්නේ මේකෙන් සල්ලි ලංකාවට ගෙන්න ගන්න එක බොහොම අමාරු වැඩක් . වටෙන් පිටෙන් සල්ලි අතට ගන්න පොඩි පොඩි ක්රම තිබුණා වුණත් ඒවා එක වතාවක් දෙකක් හරි ගියාට හැම වෙලේම හරි යන්නේ නෑ . මම මේ කියන්නේ අද්දැකීමෙන් . මගේ පේ පෑල් එකෙත් සල්ලි ටිකක් තිබුණා මම අමාරුවෙන් හම්බ කරගත්තු . ඒත් එක වතාවක් ඒවා මගේ Debit card එකට දාගන්න ගියාම මටත් හිතාගන්න බැරි විදිහට අන්තරස්දාන වුණා . එදයින් පස්සේ මම මේ . paypal පාවිච්චිය අත හැරියා . සල්ලිත් එක්ක සෙල්ලම් ඕනෙ නෑ නේ . අදින් පස්සේ මම පේපෑල් එක්ක යාලු කම් අඩු කරනවා .

 2. payza
  මේ අන්තර්ජාල බැංකුව ලංකාවට සහාය දක්වනවා ඉහටත් උඩින් . මේකට දාන මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි එහෙම නැත්තම් චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම් කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා . ඒක නිසා චෙක් කෙරුවාව හොඳයි . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා .
  මුලින්ම පහල තියන බැනර් එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න
ඊට පස්සේ ලොකුවට බට්න් එකක් ඇති Sign Up කියලා ඒකෙන් සයින් අප් වෙන්න
 ඊලඟට කියාවි එකවුන්ට් වර්ග තුනක් දීලා එකක් තෝරගන්න කියලා එතනින් personal pro වර්ගය තෝරාගන්න

දැන් ඉතින් තමන්ගේ පෞද්ගලික විස්තර , ඊමේල් ළිපිණ . පෝස්ටල් කෝඩ් ආදිය හෙම දීලා ඉදිරියට යන්නකෝ කාටහරි කෙනෙකුට තමන් ඉන්න පලාතේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න අමාරු නම් මෙතනින් ගිහින් ඒකත් හොයාගන්න .
හොඳයි දැන් ඔයා ඔය උඩ තියන ෆෝම් එකේ තමන්ගේ විස්තර සේරම දීලා ඉවර වෙලා යන්නේ දෙවනි පියවරට ඔය උඩින් ලොකුවට තියෙන්නෙ ස්ටෙප් වන් ටූ කියලා ...
හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල . ඒකත් අමාරු නෑ . සාමාන්‍ය විදිහට පුරුවාගෙන යන්න .ඒත් පොඩි වැදගත් දෙයක් තියනවා . ඔය ඉහත රූපේ ඊතලේකින් පෙන්වනවා නේද Transaction Pin කියලා එකක් ඔන්න ඕකට අකුරු හතරක විතර නම්බර් එකක් දෙන්න . හැබැයි පුතෝ ඕක අමතක කරන්න නම් එපා ! . ගිනුමට සල්ලි දාන්න , සල්ලි ආපහු අතට ගන්න ඕක ඕනෙ වෙනවා . ඒක නිසා මතක තියන එකක් දාන්න .  ඊලඟට ඉතින් security Question එකක් තෝරන්න කියාවි . ඒකත් සම්පූරණ කරන්න . 

හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .
මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න
ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ තියනවා පොඩි ලිංක් එකක් . ඒක ක්ලික් කරන්න (ඊමේල් එක කියවන්නත් අමතක කරන්න එපා )
දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ?
ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ විස්තර ඇතුලත් කරන්න ඕනෙ . අනිවා ඔයාලත් මේ වැඩේ කරන්න කරන්න බැරිනම් දැම්ම වැඩේ අතාරින්න .

Payza වලට සහාය දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම HNB ගිනුමක් ඕපන් කරන්න වෙනවා . ඒක ඒ හැටි දෙයක් නෙවෙයි . බොහොම ලේසියි . ගියා සල්ලි ටිකක් දාලා ඕපන් කලා පොතයි කාඩ් එකයි එවේලෙම දෙනවා . ඔයාලට තියෙන්නේ ගෙදර එන එක .
මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක් ඕනෙ කියලා ඉල්ලගන්න . ඊට අමතරව ඔයා කියන්න ඕනෙ ඔයාගේ ඔය  Visa Debit Card එක Online payment කල හැකි විදිහට හදලා දෙන්න කියලා .
ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955 අංකෙට කතා කරලා කාඩ් එක Online payment කල හැකි විදිහට හදා ගන්න .ඔන්ලයින් පේමන්ට් කල හැකි විදිහට කාඩ් එක සකස් වුණාට පස්සේ අපි යමු අවසාන පියවරට ..
අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment සකස් කරලාද කියලා සැක හැර දැනගන්නත් අමතක කරන්න එපා !

අවසාන පියවර
ඉහත රූපයේ තියන විදිහට මුලින්ම My Payza Account කියන මෙනුව දිග ඇරගෙන ඉන් පස්සේ My credit card කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබෙන් අහාවි ඔබේ කාඩ් එකේ විස්තර ,
කාඩ් නම්බර් එකයි Expiration date එකයි දීලා ඉවර වුණාම  CSV/CVV කියලා එකකුත් අහනවානේ . එතකොට කාඩ් එක අනික් පැත්ත හරවන්න කාඩ් එකේ අත්සන ගහන තැන අංක තුනකින් සදුම්ලත් CSV/CVV එක තියනවා ඔයාට පෙනේවි

හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට ලැබේවි ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමට අවස්ථාවක් . බය නැතිව ඒක කරන්න ..

අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට . දැන් ඔබට තියෙන්නේ වහාම 011-2671955 අංකෙට කතා කරලා ෆෝන් එක උස්සන කෙනාට මෙන්න මෙහෙම කියන්නයි

"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක් කලා ඉතින් ඒගොල්ල මගේ කාඩ් එකට පොඩි ඩොලර් එමවුන්ට් එකක් එවලා ඇති කරුණා කරලා මට ඒක කියන්න"


ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි . දවසක් දෙකක් පමා වුණා කියලා බය වෙන්න එපා . මුකුත් වෙන්නේ නෑ .