Monday, October 7, 2013




දැනට ලංකාවෙ බොහෝ දෙනා අතර ජනප්‍රිය Multimedia player දෙකක් තමයි VLC Player හා KM Player. නමුත් VLC එකේ තියෙන ගැටළුව තමයි මොකක් හරි Play කරපු ගමන් full volume එකයි Player window size half වෙලයි එන එක. KMP එකේ අවාසිය
තමයි හිටපු ගමන් stuck වෙන එක.
මේ දෙකටව වඩා හොඳ player එකක් කියන්න පුළුවන් මේ QQ Player එක. KM Player එක සතු keyboard shortcuts සියල්ලම ඒ විදියටම වගේ මේකෙත් තියෙනවා.

මේක වැඩ කරද්දි භාවිත වෙන්නෙ ගොඩක් පොඩි RAM memory එකක් නිසා stuck/crash වෙන්නෙත් නෑ. අනිත් player වල වැඩ කරන්නෙ නැති file formats
බොහොමයක් මේකෙ වැඩ කරනවා.


අනිත් මේකෙ තියෙන විශේෂත්වය තමයි 2D videos 3D කරල බලන්න පුළුවන් එක. නමුත් ඒකට රතු-නිල් 3D කණ්නාඩියක් ඕන වෙනවා. (3D කණ්නාඩි ඉතා පහසුවෙන් නිවසේදීම හදාගන්න පුළුවන්. පාට දෙකෙන් සෙලෝෆේන් කොළ 2ක් ගත්තම හරි)

මේක Japan හෝ China software එකක්. ළඟදි තමයි මේ English edition එක ආවෙ...

No comments:

Post a Comment