පරිගණකය සදහා Motherboard එකක් තෝරාගන්නේ කොහොමද?
CPU (Processor) එක පරිගණකයේ මොළය විදියට
හදුන්වනවානම්, case එකපරිගණකයේ කොදුඇට පේළියයි. එහෙම බැලුවොත් motherboard එක පරිගණකයේප්‍රාණයයි.
මොකද සියලුම දේවල් එකට බැදතබාගෙන motherboard එක මගින්පරිගණකය
ක්‍රියාකරවනවා. මේ නිසා ඔබ motherboard එකක් මිලදී ගැනීමේදී විශේෂඅවදානයක්
යොමු කල යුතුයි. මොකද ඔබ ඔබේ පරිගණකය එකලස් කරන මොහොතේ මිලදීගන්න motherboard එක තමයි, එදිරි කාලයකදී
ඔබට අවශ්‍ය වූ විටක PC එක upgrades කරනඑක ගැන තීරණය කරන්නේ.
විවිද තාක්ෂණයන්ගෙන් හා බොහෝ විශේෂාංග වලින් සමන්විත
විවිද මාදිලියේ motherboards වෙළදපලේ තිබෙනවා. motherboardsඅතරින් හොදම Intel ද
එහෙමත්නැතිනම් AMD ද නැතිනම් තවෙකක්ද යන්න පිලිබදව මම මේ ලිපියෙන් කතා
කරන්නටයන්නේ නැහැ. මොකද එතැනදී මගේ තීරණය තවෙකුකට බොරුවක් වෙන්න පුළුවන්. නමුත්මෙම
ලිපියෙන් මම කෙටියෙන් ඔබට පැහැදිලි කර දෙන්නම් පරිගනකයක් එකලස් කරගැනීමසදහා motherboard එකක්
තෝරාගන්නා විට සැලකිලිමත් විය යුතු ප්‍රදාන කරුණුගැන.
Motherboard එකක් මිලදී ගැනීමේදී අවදානය යොමු කළයුතු කරුණු
Size
ඔබ තෝරාගන්නා case එක අනුව තමයි motherboard එකේ size එක ප්‍රශ්නයක්
වෙන්නේ. ඔබ එකලස් කරන්නට යන පරිගණකය සදහා ඔබතෝරාගන්නා case එක සාමාන්‍ය
විශාල ප්‍රමාණයේ motherboards වලට support කරනවා නම් මෙය ප්‍රශ්නයක් නෙවෙයි.
Expansion Slots
Graphics rendering යන්න ඔබට අවශ්‍ය
දෙයක්නොවන සාමාන්‍ය පරිගණකයකට (low end PC) motherboard එකක් ගන්නාවිට integrated graphics සහිත motherboard එකක්
තෝරාගන්නවා නම් හොදයි.එසේ නැතිනම් ඔබ එකලස්
කරන්නේ gaming rig එකක් හෝ workstation එකක්නම් multiple
GPUs (එකකට වඩා PCI Express
slot සහ SLI හෝ CrossfireX ready) support කරන motherboard එකක්
තෝරාගන්න.
Connectivity
සමහර devices පරිගණකයට සම්බන්ද වෙන්නේ SATA interface එක මගින්.
(උදාහරණ: HDD, SSD, Optical Drive) ඒ වගේම දැන්මේ
devices වල standard එක SATA III. ඒ වගේම USB
3.0 හා FireWire,
E-SATA හෝ HDMI(integrated
graphics සදහා) වැනි connectors ගැනත්ඔබ
අවදානය යොමු කල යුතුයි.
Hardware
Compatibility
මේ කාරණයත් අපි කලින් කතා කල connectivity හාසමානයි.
නමුත් මේ කියන්න යන්නේ CPU, video card හා RAM වැනි motherboard එකට සවි කරන hardware
devices ගැනයි. ඔබ
තෝරාගන්නා CPU එකේ socket එකට සහයදක්වන motherboard එක තෝරාගත
යුතුයි. මම ඔබට කියන්නේ ඔබ මිලදීගන්න මොහොත වන විට
තිබෙන අලුත්ම socket එක සහිත motherboard එකක් හා CPU එකක්
තෝරාගන්න. ඒ මොකද පසු කාලෙක ඔබ PC එක upgrade කරනකොට එය ඔබේ
වාසියටහිටින නිසායි.
GPU (Graphics
processing unit) එක සදහා ඔබතීරණය කල යුතුයි ඔබ multiple GPUs බාවිතා කරනවද
නැද්ද කියලා. නැතිනම් PCI Express 16x slots එකකට වඩා motherboard එකේ අවශ්‍ය
වෙන්නේ නැහැ. Video card වල අලුත්ම තාක්ෂනය තමයි PCI Express 3.0 ,නමුත් මේ
තාක්ෂනයසහයදක්වන්නේනේ Intel Processors සදහා පමණයි.
ඔබ මිලදීගන්නා DDR memory එක (DDR2 හෝ DDR3) motherboard එකට support කරන එකක් විය
යුතුයි. DDR memory ගැනකෙටියෙන් කතා කලෝතින් DDR3 තමයි දැනට
තිබෙන අලුත්ම තාක්ෂනය. එමගින් හොද performance එකක්
ලබාදෙනවා. ඔබ motherboard එක තෝරාගන්න විට RAM slots කිහිපයක්
තිබෙන Motherboard එකක් ගත්තොතින් වඩාත් හොදයි. ඒ වගේම motherboard එකට කොපමණ
උපරිමයක දක්වා memory support කරනවද යන්න ගැනසැලකිලිමත් විය
යුතුයි. 16GB වගේ memory එකක් දක්වා සහය දක්වන හා අමතර RAM
slot 4ක් විතර තිබෙන
motherboard එකක් ගත්තොතින් පසුකාලයක upgrade
කරගන්නපුළුවන්. අනිත් කාරනාව තමයි ඔබ තෝරාගන්නා DDR
memory එකේ specifications සලකා බලා ඉහල frequencies
(2133 MHz දක්වා) සදහා
සහයදක්වන motherboard එකක් තෝරාගත යුතුයි.
Other Features
මේ කාලයේ high end
motherboards වල විවිද
වූඅමතර features ඔබට දකින්න පුළුවන්. උදාහරණ විදියට දක්වනවා නම් සමහර motherboards වල Bluetooth හා Wi-Fi තිබෙනවා. තව chipset හා chips සදහාවිශාල heatsinks, Integrated
high fidelity
audio හා gigabit
LAN වැනිබොහොමයක් features අපිට දකින්න
පුළුවන්.
ඉතින් මෙම ලිපියෙන් අපි motherboards ගැන කතාකළා
වගේ ඉදිරියේදී අපි කතා කරමු CPU, RAM, Video cards හා අනෙකුත් hardware
devices තොරාගන්නවිට
සැලකිලිමත් විය යුතු කරුණු ගැන. කොහොම නමුත්ඔබ තෝරාගන්න motherboard එක, පසු කාලෙක ඔබ PC එක upgrade කරන විට motherboard එක මාරු කරන්න
අවශ්‍ය නොවන විදියේ අලුත් තාක්ෂනයන්ගෙන් හා connectivity
options බොහොමයක්
තිබෙන motherboard එකක් තෝරාගන්න.
No comments:
Post a Comment