Monday, October 7, 2013

ඔබේ දරුවා අන්තර්ජාලයේ ආරක්ෂිතද? [web filter & website blocker]


ඔබේ දුව පුතා ඔබේ අධීක්ෂණයෙන් තොරව පරිගණකය භාවිතා කරනවාද ? වැරදීමකින් හෝ ඔහු/ඇය නොමනා වෙබ් අඩවියකට පිවිසුනොත් ? ඔහුගේ/ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්.. මොකද ඔවුන්ට තවමත් ජීවිතය ගැන අවබෝධයක් නැති නිසා.. දෙයක් වූ පසු පිළිතුරු සෙවීම නොව, වන්නට පෙර ඊට පිළියම් යෙදීමයි වැදගත්..
බොහෝ web filter software තිබුණත් බොහොමයක් නොමිලේ දෙන්නෙ නෑ වගේම, තියෙන පොදු දුර්වලතාවයක් තමයි poxy server හමුවේ ඵල රහිත වීම.. එහෙම නොවන web filter & website blocker software බොහොම සීමිතයි..
ඒ අතරිනුත් බොහොම ජනප්‍රිය web filter & website blocker software එකක් විදියට Kurupira web filter එක හදුන්වල දෙන්න පුළුවන්.. මේක එක්තරා විදියක key-logger එකක් විදියටත් හදුන්වන්න පුළුවන්. නමුත් මේකෙ මූලික අරමුණ web filtering.. මේකෙ function ගැන කෙටියෙන් හැදින්වීමක් කළොත්,
    සියළු ආකාරයේ Porn websites වලට පිවිසීම අවහිර කිරීම.
    Search engine හරහා blocked keyword search කිරීමට ඉඩ නොදීම හා Search results වලට 18+ සෙවුම් ප්‍රතිඵල අවහිර කිරීම.
    Computer එකේ දැනට install කර ඇති ඕනෑම Program/Software/Game එකක් Run කිරීම වැලක්වීම.
    එක් එක් වෙබ් අඩවි වලට පිවිසුණු වාර ගණන හා ගත කල කාලය.
    කරන ලද සියළු ක්‍රියාකාරකම් වල Snapshots ලබාගත හැකි වීම.
    Social Network වෙබ් අඩවි අවහිර කිරීමේ හැකියාව.
    ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියකට පිවිසීම අවහිර කළ හැකිය.
    ඔබ විසින් අනුමත නොකල වෙබ් අඩවියකට පිවිසීම කල විට හෝ ලබාගත් snapshots ඔබේ email ගිණුමට ගෙන්වාගත හැකි වීම.
මේ software එක Task manager process වලින් end කරන්නත් බෑ. Poxy server හරහා ගියත් blocked sites Visit කරන්නත් බෑ.
මේක open කරන්න පුළුවන් system tray එකේ තියෙන icon එකෙන්, නැත්නම් start menu එකේ kurupira කියල search කිරීමෙන්. (අවශ්‍ය නම් ඒකත් ඉවත් කරන්න පුළුවන්)
දැන් Password එක දෙන්න ඕන.. (software එක මුලින්ම install කරද්දි තමන්ට කැමති password එකක් දෙන්න පුළුවන්)
ඊට පස්සෙ තමයි software එක open වෙන්නෙ. (Password  එක නැතුව Uninstall කරන්නත් බෑ)

මේකෙ තවත් වැදගත් දෙයක් තමයි සතියේ ඔබ කැමති දිනවල, කැමති වෙලාවන් වලට පමණක් website auto block වෙන්න සකස් කිරීමට හැකිවීම. එමඟින් ඔබේ දරුවන් Social Network වල ගතකරන කාලය අඩුකරගන්න පුළුවන්..

No comments:

Post a Comment