Sunday, October 6, 2013

Ebay සියල්ල මෙතැනින්

eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay

eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?

eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?

සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?

ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.


eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?

ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?

eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.

PayPal කියන්නෙ මොකක්ද?

PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි.

සාරාංශයක් වශයෙන් eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා මොනවද?

    eBay ගිණුමක් තිබිය යුතුයි.
    PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි.
අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. (කාඩ් එකේ සල්ලි තිබිය යුතුයි.

ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග - Sampath Webcard

අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.

අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් Webcard.

මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු. [මේවට තමයි කියන්නෙ නිති අසන පැණ (FAQ) කියලා. ]

සම්පත් Webcard කියන්නෙ මොකක්ද?

    සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.

මෙය ලබාගන්න පුළුවන් කාටද?

    අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)

කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?

    රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.

 කාඩ්පත ලබාගැනීමට සම්පත් බැංකුවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍යද?

    අත්‍යවශ්‍ය නෑ

කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?

    සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.100ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.200ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.


අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?

    සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2600 යි. (2500+100)
    සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.2700 යි. (2500+200)

ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?

    ක්‍රම දෙකකින් පුළුවන්. ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.

Top up කළ හැකි අවම මුදල කොපමණද?

    එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.

මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?

    නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්. (හැබැයි සාමාන්‍ය credit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)

කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?

    0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.

කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?

    ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)

කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?

    කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.


වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමද? ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?

ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.

සම්පත් Webcard පත PayPal වෙත link & confirm කරන්නෙ කොහොමද?

Webcard එකට දැනටමත් අයදුම් කරපු අයට තව දින දෙක තුනකින් සම්පත් card center වෙතින් ඇමතුමක් එයි ඔබේ Webcard එක සූදානම්, එවන්න ඕනා ලඟම ඇති බැංකුවටද නැත්නම් ගෙදරටද කියලා. අර කලින් ලිපියෙ මං සඳහන් කළ හේතු නිසා ඔබ ලඟම ඇති ශාඛාවට ගෙන්වාගන්නවා නම් වඩා පහසුයි.
ඊට පස්සෙ ඔබේ Webcard එක ලඟම ඇති බැංකු ශාඛාවට එවීමෙන් පසුවත් බොහෝවිට card center මගින් ඔබව දැනුවත් කරාවි දැන් ඔබට කාඩ්පත ලඟම ඇති ශාඛාවෙන් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඉතිං කරන්න තියෙන්නෙ ඒ බැංකු ශාඛාවට ගිහිල්ලා කාඩ්පත ලබාගන්න එක. කාඩ්පතත් සමඟ ඔබට ලබාදෙයි කාඩ්පතේ මුරපදය (password එක). ඔන්න ඕක තමයි හොඳටම පරිස්සම් කරගන්න ඕන එක. ඒත් එක්කම බැංකුව ඔබෙන් යම් ලියවිල්ලකට අත්සන් ගනීවි ඔබට කාඩ්පත සහ මුරපදය ලැබුණු බවට.
හැබැයි කාඩ්පත සහ මුරපදය අතට ලැබුණු සැනින් ඔබට කාඩ්පත භාවිතා කරන්න බැහැ. කාඩ්පත සක්‍රීය (activate) කරන තුරු තවත් දිනක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා. ඔබ කාඩ්පතේ තොරතුරු PayPal වෙත ලබාදුන් විට ඔබේ කාඩ්පත වලංගු කාඩ්පතක් නොවන බව PayPal පවසනවනම් ඒ කියන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්‍රීය වෙලා නෑ. කාඩ්පත සක්‍රීය වෙලා නම් PayPal මගින් ඔබේ කාඩ්පත වලංගු කාඩ්පතක් ලෙස බාරගන්නවා. සම්පත් Card Center ඇමතීමෙනුත් ඔබට කාඩ්පත සක්‍රීය වෙලාද නැද්ද යන්න දැනගන්න පුළුවන්.
දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ Webcard එක PayPal වෙත link කරන්නෙ කියලා.
Webcard එක PayPal වෙත link කරන්නෙ කොහොමද?
1. PayPal වෙත ගොස් ඔබේ ඉ-ලිපිනය සහ මුරපදය ලබා දී ඔබ සාදාගත්තු PayPal ගිණුමට ප්‍රවිශ්ට (log in) ‍වෙන්න.
(තවමත් ඔබ PayPal ගිණුමක් සාදාගෙන නැත්නම් http://www.paypal.com වෙත ගොස් එහි ඉහළ කෙළවරේ ඇති Sign up යන්න තෝරා ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දී PayPal ගිණුමක් සාදාගන්න.)
2. රූපයේ දක්වා ඇති පරිදි My Account --> Profile --> Add/Edit Credit Card තෝරන්න.
3. එලෙස තේරූපසු ඔබට දිස්වෙන කවුළුවෙන් Add Card යන්න ඔබන්න.
4. එවිට ඔබට දිස්වෙයි මෙන්න මේ වගේ form එකක්. මේ එකින් එකක් පුරවන්නෙ කොහොමද කියලා පහතින් දක්වලා ඇති.
    First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.
    Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.
    Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)
    Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.
    Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. (VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.
    Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).
ඔය රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.
5. මේ තොරතුරු සියල්ල ඇතුලත් කිරීමෙන් පසු Add Card යන්න ඔබන්න.
මෙලෙස එබූ පසු කිසියම් දෝෂ පණිවිඩයක් දිස් උනොත් එයින් හැඟවෙන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්‍රීය වෙලා නෑ කියන එක. දෝෂ පණිවිඩයක් දිස් නොවෙනවා නම් ඔබේ කාඩ්පත දැනටමත් PayPal විසින් වලංගු කාඩ්පතක් ලෙස බාරගෙන හමාරයි.
හැබැයි ඉතිං කාඩ්පත PayPal වෙත add කළ පමණින් ඔබට කඩේපතෙන් ගණුදෙනු කරන්න බෑ. ඊට කලින් ඔබ ඇතුලත් කළ කාඩ්පත ඔබේගේම බව තහවුරු කරන්න (confirm කරන්න) සිද්ධ වෙනවා.
PayPal වෙත link කළ Webcard එක confirm කරන්නෙ කොහොමද?
PayPal මගින් මේ කාර්යය සිදුකරන්නෙ සරළවම මෙන්න මෙහෙමයි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමකට $ 1.95 ක මුදලක් බැර කරගන්නවා. (මේ මුදල පසුව නැවත අපිට ලබා දෙනවා) එලෙස අපේ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමට මුදලක් බැරකර ගැනීමේදී PayPal code නම් කේතයක් අපේ බැංකු ප්‍රකාශනයෙ (bank statement එකේ) සටහන් වෙනවා. මෙන්න මේ විදියට සටහන් වන PayPal code එක නැවත අපි PayPal වෙත ලබා දුන් විට ඔවුන් මෙම කාඩ්පත අපේම බව තහවුරු කරගන්නවා. ඔන්න ඕකයි සිද්ධිය.

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

1. ඉහතදි Add Card යන්න එබූ පසු දිස්වන මෙන්න මේ කවුළුවෙන් Save & Continue යන්න ඔබන්න. (මෙලෙස කළ පසු ඔබේ කාඩ්පතෙන් $ 1.95 ක මුදලක් ඔවුන් කපා ගන්නවා)
2. මීළඟට දිස්වන මෙන්න මේ කවුළුවෙන් අපූරුවට දිස්වෙනවා අපි දැනට කරලා තියෙන දෑ සහ අපි මීළඟට කරන්න ඕනා දෑ.
ඔවුන් අපිට කියනවා මීළඟට අපේ බැංකු ප්‍රකාශනය පරීක්‍ෂා කරලා PayPal code එක ලබාදෙන්න කියලා. නමුත් අපේ මේ සම්පත් Webcard එක සඳහා අපිට මුද්‍රිත බැංකු ප්‍රකාශනයක් ලබාගැනීමේ පහසුකම හිමිවෙන්නෙ නෑ. එහෙනං කොහොමද PayPal code එක හොයාගන්නෙ? හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නෙ 0112300604 යන අංකයෙන් සම්පත් card center ඇමතීම පමණයි. Card Center අමතලා ඔබ කියන්න ඔබට ඔබේ Webcard එකේ PayPal code එක ලබාදෙන්න කියලා. එවිට ඔවුන් ඔබෙන් ඔබේ Webcard අංකය ලබාගෙන ඔබට PayPal code එක ලබා දේවි.
3. එලෙස ලබාගත් අංක හතරකින් යුත් එම PayPal code එක ඔබ ඉහත කවුළුවෙදි Continue යන්න එබූ පසු දිස්වන පහත කවුළුවෙදි ඇතුලත් කරන්න.
මේ කවුළුවෙදි Resend PayPal code යන්න එබුවොත් නැවත වරක් ඔබෙන් $1.95ක මුදලක් කැපෙනවා. ඒ නිසා වැරදිලාවත් ඒක ඔබන්න එපා. (එබුනත් අවුලක් නෑ ඉතිං, ආයෙත් ඒ මුදල කොහොමත් ඔබට ලැබෙනවා ) ඉහත කවුළුවෙදි PayPal code එක ඇතුල් කර Submit යන්න එබූ පසු ඔබේ Webcard එක ඔබේම බව තහවුරු වී ඇති බව ඔබට දිස් වේවි.
සුභපැතුම්! දැන් ඔබට ඔබේ PayPal ගිණුම භාවිතා කර eBay ගණුදෙනු කරන්න පුළුවන්.
ඔන්න එහෙනම් අද කුප්පියත් අවසානයි. අද සාකච්ඡා කෙරුණු කරුණු ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න. ඔබේ අත්දැකීම් බෙදාගන්න. මං මේ ලියන ලිපි සම්පූර්ණ වෙන්නෙ ඔබේ අදහසුත් එකතු උනාමයි. ඒ නිසා ඔබේ අදහස් ලියලා යන්න පසුබට වෙන්න එපා.
ඔබ eBay වෙතින් භාණ්ඩ ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ ඔබට අවශ්‍ය භාණ්ඩයක් eBay තුළ පහසුවෙන් සොයා ගන්න අයුරුත් ඊළඟ ලිපියෙන් ලියන්නම්. ඒ ලිපිය ලියන කල් ඉන්න බැරි අයට පුංචි ඔවදනක් හැටියට කියන්නෙ. මුලින්ම ඔබ ලොකු ලොකු වටිනාකමින් යුත් භාණ්ඩ ගන්න එපා. මුලින් මුලින් රු.500කට 1000කට අඩු භාණ්ඩ කීපයක් ගන්න. ඒවා ඔබ වෙත සුරක්‍ෂිතව ලැබුණම ඔබට තවත් මේ eBay ගණුදෙනු ගැන විශ්වාසය ගොඩනැගේවි. යම් යම් දෑ සිද්ධ වෙන ආකාරය ගැන අවබෝධයකුත් ලැබේවි. ඉන්පසු ඔබට ලොකු ලොකු භාණ්ඩ වලට යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඔබ ගන්න හදන භාණ්ඩයක් ගැන මොනම හෝ ගැටළුවක් තියෙනවා නම් ගන්න කලින් sellercontact කරලා අවැසි හැම දේම දැනගන්න. හැමදේම ගන්න කලින් සහ pay කරන්න කලින් දෙපාරක් හිතන්න.


eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු!

eBay තුළ ඔබට අවශ්‍ය කරන භාණ්ඩයක් අඩු මිලට පහසුවෙන් ඉක්මණින් සොයාගන්නෙ කොහොමද?
    eBay තුළ අපිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීම සඳහා අපේ අභිමතය පරිදි සෙවිය හැකි සෙවුම් විදි බොහෝමයක් තිබෙනවා. මේ සෙවුම් විදි යොදාගෙන අපිට අවශ්‍ය නියම භාණ්ඩය අඩුම මිලට පහසුවෙන් සොයාගන්න පුළුවන්. දැන් අපි මේ සෙවුම් විදි එකින් එක ‍සලකා බලමු.
    ඔබට අවශ්‍ය භාණ්ඩයෙ නම ටයිප් කරන්න ඕනෙ මෙතන. අවශ්‍ය නම් Category එකක් තෝරන්න පුළුවන්. නැත්නම් All Categories යන්න තියෙන්නට හරින්න. Advanced search තුළින් සෙවුම වඩාත් විශේෂණය කරගන්නත් පුළුවන්.
    Buy it Now only - මෙම ටැබය තේරූ විට ඔබට දිස්වන්නෙ මේ මොහොතේම ඔබට, දක්වා ඇති මුදලටම මිලදී ගත හැකි භාණ්ඩ පමණයි.
    Auctions only - මං මුල්ම ලිපියෙ සඳහන් කළානෙ eBay කියන්නෙ හරියට සයිබර් පොළක් වගේ කියලා. ඉතිං සාමාන්‍ය පොළකින් ඔබට කෙළින්ම ගොස් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වගේම වෙන්දේසියට තබා ඇති භාණ්ඩ වලට ලංසු තබා දිනීමෙනුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්නෙ. ඉතිං මේ eBay සයිබර් පොළෙත් ඔය වගේ වෙන්දේසි කරන භාණ්ඩ තිබෙනවා. මේ Auctions only ටැබය තේරූ විට ඔබට දිස් වන්නෙ මේ වෙන්දේසියට තබා ඇති භාණ්ඩ පමණයි. ඔය භාණ්ඩ වල සඳහන් වෙන මිලට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා රැවටෙන්න එපා. ඒ භාණ්ඩ වල සඳහන් වෙන්නෙ ඒ මොහොතෙ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුව. නමුත් ඒ භාණ්ඩ විකිණෙන්නෙ බොහෝ විට ඒ මිලට නෙමෙයි, වෙන්දේසි කිරීම අවසාන වන මොහොතේ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුවටයි.

    All items - මෙම ටැබට තේරූ විට Buy it Now only යටතේ ඇති භාණ්ඩ හා Auctions only යටතේ ඇති භාණ්ඩ යන භාණ්ඩ සියල්ලම දිස් වෙනවා. හැබැයි ඒ දිස් වෙන දෑ අතරින් Auctions සහ Buy it Now only භාණ්ඩ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. Buy it Now only භාණ්ඩයක් නම් මිල ඉදිරියෙන් Buy it Now ලෙසද Auctions යටතේ ඇති භාණ්ඩයන් නම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids.... වැනි Bids ගණනක් මිලට ඉදිරියෙන් දිස් වෙනවා.
 [Auctions (වෙන්දේසි) ගැන සහ ඒවාට ලංසු තැබීම (bid කිරීම) ගැන මං වෙනම ලිපියක් ලියන්නම්. මොකද ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. එතෙක් ඔබ සැම විටම භාණ්ඩයක් තේරීමෙදි Buy it Now only කියන ටැබය තෝරා සෙවීම කරන්න.]

සෙවීම් පෙළ ගසන (sort කරන) ආකාරය
    eBay තුළ අපි සිදුකරන සෙවීමකට සාමාන්‍යයෙන් ප්‍රතිඵල දහස් ගණනින් ලැබෙනවා. ඉතිං ඔය ලැබෙන ප්‍රතිඵල වලින් අපට අවශ්‍ය භාණ්ඩය සොයාගැනීම පහසුකිරීමට eBay මගින් අපට අපේ අභිමය පරිදි ප්‍රතිඵල පෙළ ගැසිය හැකි විදි (customized sorting methods) කීපයක් සපයනවා.

මෙම ප්‍රතිඵල පෙළ ගසන ආකාර වලින් අපිට ප්‍රයෝජනවත් ආකාර විස්තර සහිතව හඳුන්වා දෙන්නම්.
    Price + Shipping: lowest first - අපි eBay වෙතින් භාණ්ඩයක් මිලදී ගත්තම බොහෝ විට අපිට භාණ්ඩයේ වටිනාකමට අමතරව shipping (ප්‍රවාහනය) සඳහා යම් මුදලක් අයවෙනවා. ඉතිං අපිට භාණ්ඩයේ මිලෙහි සහ මෙම ප්‍රවාහන ගාස්තුව යන දෙකේම එකතුව ලෙස භාණ්ඩය සඳහා ගෙවිය යුතු මිලට අනුව සෙවුම් ප්‍රතිඵල පෙළ ගසා ගත හැකි නම් බොහොම අගෙයි නේද? මෙම පෙළ ගැසුම් ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන්නෙ අන්න ඒ ආකාරයට. ඒ කියන්නෙ භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල අඩුම භාණ්ඩයේ සිට වැඩිම භාණ්ඩයට පෙළ ගැසීම තමයි මෙමගින් සිදුවෙන්නෙ. අඩුම මිලට භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපිට ප්‍රයෝජනවත්ම සහ වැඩියෙන්ම අවශ්‍ය වන පෙළ ගැසුම් ආකාරය (sorting method එක) මෙයයි.

    Time: ending soonest - මෙය අපිට ප්‍රයෝනවත් වෙන්නෙ වෙන්දේසි කිරීම් වලට ලංසු තැබීමෙදි. වෙන්දේසී අවසාන වෙන වේලාව ලඟම භාණ්ඩ මුලින්ම දිස්වෙන පරිදි තමයි මෙමගින් පෙළගසන්නෙ. වෙන්දේසි කිරීම් ගැන පසුව මං ලිපියක් ලියන්නම් කිව්වනෙ. ඒ ලිපියෙදි මේ පෙළ ගැසුම් ආකාරය ගැන වැඩි විස්තර කියන්නම්.

අපිට එතරම් ප්‍රයෝජනයක් නැති ආකාර ගැන ඔබේ දැනගැනීම සඳහා පමණක් කෙටි විස්තර මෙන්න

    Time: newly listed - අලු‍තෙන්ම eBay පොළට එක් කෙරුණු භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    Price + Shipping: highest first - භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    Price: highest first - භාණ්ඩයේ වටිනාකම වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    Distance first: අපේ රටේ සිට භාණ්ඩයේ විකුණුම්කරුගේ රටට ඇති දුර අඩුම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    Best Match - ඔබේ සෙවුමකට හරියටම ගැල‍පිය හැකි භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි. (ඇතම්විට ප්‍රයෝජනවත්)
    Category - කාණ්ඩය අනුව භාණ්ඩ පෙළ ගසයි.
මේ සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන ආකාර අතරින් ඔබට අඩුම මිලට භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් පෙළ ගැසිය යුත්තෙ මොන ආකාරයටද කියලා වැටහෙන්න ඇතිනෙ. ඒ තමයි Price + Shipping: lowest first කියන ආකාරය. ඉතිං ඔබ සෙවීමක් කර ලැබෙන ප්‍රතිඵල මේ ආකාරයට පෙළ ගස්වා ගන්න (sort කරගන්න) අමතක කරන්න එපා. (ඔය ආකාරය තේරූ විට ඔබෙන් අහයි ඔබේ රට. එයට Sri Lanka (LKA) යන්න ලබා දෙන්න.)

Refine Search සහ Preferences යටතේ ඇති සෙවුම් ප්‍රතිඵල විශේෂණය කළ හැකි ආකාර
ඔබට පෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණ ආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති උපක්‍රම භාවිතා කර ඔබට ඔබේ සෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක් වූ භාණ්ඩ අතරින් ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙම තීරුවේ ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.

Categories - ඔබ සොයන්නේ කුමන කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්න තේරීය හැක.
Brand - ඔබ සොයන්නේ කුමන ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්න තේරිය හැක.
Condition - ඔබ සොයන්නෙ අලුත්ම භාණ්ඩයක්ද, පාවිච්චි කළ භාණ්ඩයක්ද යන්න තේරිය හැක.
Price - ඔබ සොයන්නේ කිනම් මිල පරාසයක භාණ්ඩයක් ද යන්න තේරිය හැක.
Buying formats - ඔබ සොයන්නෙ වෙන්දේසියට ඇති භාණ්ඩයක්ද, දැන්ම මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න මෙතනින්ද තේරිය හැක.
Show only - ඔබට දිස්විය යුත්තේ කුමන භාණ්ඩ පමණක්ද යන්න තේරිය හැක. උදා: ප්‍රවාහනය නොමිලේ භාණ්ඩ, විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි...
Location - ඔබ තෝරන්නේ කුමන ස්ථානයක සිට මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න තේරිය හැක. (සමහර භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ යම් යම් රටවල් ඇතුලත පමණයි. මෙම විශේෂණ ආකාරය Worldwide යන්න තේරීමෙන් ලොව පුරා ප්‍රවාහනය කරන භාණ්ඩ පමණක් දිස්කරවා ගන්න පුළුවන්.)

සෙවුම් ප්‍රතිඵල ලෙස දිස්වන අනවශ්‍ය සහ කරදරකාරී ප්‍රතිඵල ඉවත් කරගන්නේ කෙසේද?

    අපි ගොඩක් වෙලාවට සෙවීම පෙළ ගසන්නෙ Price + Shipping: lowest first කියන ආකාරයටනෙ. ඔය ආකාරයට සෙවුම් ප්‍රතිඵල පෙළ ගැසුවූ විට බොහෝවිට අපිට පෙළ ගැසුමෙ ඉහළින්ම දක්නට ලැබෙන්නෙ අප අපේක්ෂා කළ භාණ්ඩය නෙමෙයි.
උදා: සිතන්න ඔබට අවශ්‍යයි eBay වෙතින් Portable hard disk එකක් මිලදී ගන්න. දැන් ඔබ ප්‍රධාන සෙවුම් තීරුව තුල Portable hard disk කියලා ටයිප් කරලා Search යන්න ඔබනවා. ඉන්පසු ඊට අදාල ප්‍රතිඵල ලැයිස්තුව ලැබුණු පසු ඔබ Buy it Now only කියන ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියන විදියට ප්‍රතිඵල ලැයිස්තුව පෙළ ගසනවා. දැන් බලන්න ඔබට දිස්වෙන්නෙ මොනවද කියලා.

    Portable PU Leather Case/Bag for 2.5" Hard Disk Drive B
    Portable Leather Case/Bag for SATA 2.5" Hard Disk Drive
    Portable SATA 2.5" HDD Hard Disk Drive Soft Case Cover
    Portable SATA Box Case 3.5" HDD Hard Disk Drive Safety
    Portable SATA 3.5" HDD Hard Disk Drive Storage Tank Box
    Leatherette Case for 2.5" Portable Hard Disk HDD White
    PISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag B
    Leatherette Case for 2.5" Portable Hard Disk HDD Brown
    EXTERNAL PORTABLE 2.5" DRIVE HARD DISK CASE CARRY BAG
    Small Sleeve Case Bag for 2.5" Portable Hard Drive Disk
‍මෙන්න මේ වගේ ප්‍රතිඵල ගණනාවක් ඔබට මුලින්ම දිස් වේවි. හැබැයි මේ එකක්වත් portable hard disks නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වෙන්නෙ? ඔබ සෙවුම කළේ "Portable hard disk" කියලා. බලන්න ඔය නම් වල හැම එකේම මේ වචන තුන තියෙනවා නේද? අනික ඇත්තටම ඔය සෙවුම සිදුකරලා බලන්න ඔය ප්‍රතිඵල වල මිල ගණන්. Portable hard disk එකක මිලට වඩා සෑහෙන්න අඩුයි. අන්න ඒ හේතු දෙක නිසයි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබට සොයා ගත නොහැකි උනේ.
මෙන්න මේ වගේ භාණ්ඩයක් සොයාගන්න නම් අපිට තව දෙයක් කරන්න වෙනවා. ඒ තමයි අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් මෙවන් අපි අපේක්ෂා නොකරන කරදරකාරී ප්‍රතිඵල ඉවත් කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයයි. ඒ තමයි ප්‍රධාන සෙවුම් තීරුවෙ සොයන භාණ්ඩයෙ නමත් සමග මෙවැනි කරදරකාරී භාණ්ඩ වල නමුත් "-" ලකුණක් සහිතව යොදන්න. (මෙය ගූග්ල් සෙවුමකදි උනත් භාවිතා කළ හැකි සාමාන්‍ය සෙවුම්කරණ උපායක්...)
    අපේ උදාහරණෙ හැටියට මෙන්න මෙහෙම: Portable hard disk -case
ඔහොම යොදලා සෙවුම කළ විට ඔබට පෙනෙයි කලින් දිස්වුනු කරදරකාරී භාණ්ඩ ගොන්න ප්‍රතිඵල ලැයිස්තුවේ නොමැති බව. නමුත් දැන් ලැබී ඇති ප්‍රතිඵල ලැයිස්තුවෙ වෙනත් කරදරකාර ප්‍රතිඵල තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයකම සෙවුම් පද (key word) ඉහත පරිදිම "-" ලකුණ සහිතව යොදා සෙවුම කරන්න.

    මේ විදියට: portable hard disk -case -box -battery -bracket
අන්න ඒ විදියට කරදරකාරී භාණ්ඩ සියල්ලම අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් ඉවත් කළාට පසුව ඔබට දිස්වේවි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබේ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම දිස්වෙනවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වන ප්‍රතිඵල අතරින් ඔබට සරිලන මිලකට, සරිලන භාණ්ඩයක් මිලදී ගන්න.


මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ?
 
  ඔබ ඔබේ සම්පත් Webcard එක PayPal වෙත සාර්ථකව link කළාට පසුත්, ඔබේ PayPal ගිණුමෙ ශේෂය පෙන්වන්නෙ USD 0.00 ලෙසයි. මේ ගැන කලබල වෙන්න එපා. ලංකාවෙ කාඩ්පත් PayPal වෙත link කළත් එම කාඩ්පත් වල ඇති ශේෂය දැනගන්න PayPal ට හැකියාවක් නෑ. ඒ නිසයි ඔහොම පෙන්වන්නෙ. නමුත් ඔබේ කාඩ්පතේ මුදල් තිබෙනවනම් එම මුදලට සරිලන ලෙස ඔබට PayPal වෙතින් ඕනෙම ගෙවීමක් කරන්න පුළුවන්. එතනදි PayPal කරන්නෙ ඔබේ කාඩ්පතෙන් මුදල් හර කරගෙන ඍජුවම ඔබ මුදල් ගෙවන්නාගෙ ගිණුමට ඒ මුදල් බැර කිරීම. එම නිසා PayPal හි දැක්වෙන ශේෂය හැම විටම දිස්වන්නෙ USD 0.00 ලෙසයි.

    අපි ebay වෙතින් භාණ්ඩයක් මිල දී අරං PayPal වෙතින් ඒ සඳහා ගෙවීම කළාට පසුව අපේ email ගිණුමට ලැබෙන එම ගණුදෙනුවෙ ලදුපතේ (receipt එකේ) අපේ Shipping Adress එක තියෙන තැන බැලුවොත් ඔබට පෙනෙයි ඊට ඉදිරියෙන් Unconfirmed කියලා සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳවත් කලබල වෙන්න එපා. අපි අපේ ලිපිනය PayPal වෙත confirm කළත් නොකළත්, ඔය සඳහන් වෙන ලිපිනයට ඔබේ භාණ්ඩ ලැබෙනවා. (USA වලින් පිට අපේ ලිපිනයන් PayPal වෙත confirm කිරීමේ හැකියාවක් මං දන්න තරමින්නං නෑ) ඒ නිසා ඔබේ ලිපිනය Unconfirmed ලෙස සටහන් වී තිබුණට ගැටළුවක් නෑ.

eBay වෙතින් මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ කියලා හොයලා බලන්න කලින්, අපි බලන්‍න එපැයි එහෙම දෙයක් වෙන්න ඉඩකඩ තියෙනවද කියලා. ඔව්, එහෙම වීමේ ඉතාම ඉතාම ඉතාම සුළු හැකියාවක් තියෙනවා.  ගොඩාක් කලාතුරකින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ප්‍රතිශතයක් ලෙස කිව්වොත් 1% ක පමණ හැකියාවක් තියෙනවා ඒ වගේ දෙයක් වෙන්න.
හැබැයි ඉතිං ඒ වගේ දෙයක් උනා කියලා අපිට පාඩුවක් වෙන්නෙ නෑ. ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට පාඩුවත් සිදු නොවෙන්න eBay වෙතින් අපිට විකල්ප 2 ක් සපයනවා.
එකක් තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය මිලදී ගැනීම සඳහා අප වැය කළ මුළු මුදල (භාණ්ඩයේ මිල + ප්‍රවාහන ගාස්තුව) අපිට නැවත ගෙවීම. මේකට කියන්නෙ Refund කරනවා කියලා.
අනෙක තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය වෙනුවට එවැනිම දෝෂ රහිත භාණ්ඩයක් නැවත වරක් අප වෙත එවීම. මේකට කියන්නෙ Replacement Item එකක් එවනවා කියලා.
මේ විකල්ප දෙකින් එකක් තෝරාගෙන අපිට සිදුවුනු පාඩුව මඟහරවාගැනීමට අපි යම් පියවර කීපයක් අනුගමනය කළ යුතුයි. එය කරන්නෙ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු.

eBay වෙතින් අප මිලදී ගන්නා භාණ්ඩයක් අප වෙත ලැබෙන්න කොපමණ කාලයක් ගතවෙනවද?
    මෙය මීට පෙරත් අප සාකච්ඡා කළා. භාණ්ඩයක් අප වෙත ලැබෙන්න යන කාලය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. Seller ඉන්න රට, අපිට භාණ්ඩය එවන තැපැල් සේවාව වගේ දේවල් මත එය රඳා පවතිනවා. කොහොම නමුත් බොහෝ භාණ්ඩ සතියක් දෙකක් ඇතුලත අප වෙත ලැබෙනවා.

භාණ්ඩයක් අප වෙත නොලැබුණු ලෙස අප සැලකිය යුත්තේ කොපමණ කාලයකට පසුද?
    ඇතැම් භාණ්ඩ වල භාණ්ඩ විස්තරයේ (Item description එකේ) සඳහන් වෙනවා එම භාණ්ඩය එක් එක් රට වලට ලැබීමට ගතවන කාලය. එවැනි භාණ්ඩ නොලැබුණු ලෙස සැලකිය යුත්තේ ඒ සඳහන් කර ඇති කාලයට පසුයි. එලෙස සඳහනක් නොමැති භාණ්ඩ සාමාන්‍යයෙන් දින 21 සිට උපරිම ලෙස දින 28 ක් යන තුරුත් නොලැබුණහොත් එම භාණ්ඩය නොලැබුණු ලෙස අපට සලකන්න පුළුවන්.

භාණ්ඩයක් දෝෂ සහිත ලෙස අප සැලකිය යුත්තේ කොහොමද?
    eBay හි ඇති සෑම භාණ්ඩයකටම අදාල භාණ්ඩ විස්තරයක් (Item description එකක්) ඔබට දැක බලාගන්න පුළුවන්. ඔබට ලැබුණු භාණ්ඩය එම විස්තරයේ සඳහන් වී තිබූ භාණ්ඩයට වඩා වෙනස් නම් හෝ, ඔබට ලැබුණු භාණ්ඩය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් ඔබට එය දෝෂ සහිත භාණ්ඩයක් ලෙස සලකන්න පුළුවන්.

භාණ්ඩයක් අප වෙත නොලැබුණු බව හෝ ලැබුණු භාණ්ඩය දෝෂ සහිත බව තහවුරු කරගත් පසු අප කළ යුත්තේ කුමක්ද?
    මෙවැනි අවස්ථාවක අප මුලින්ම කළ යුත්තේ මේ පිළිබඳ අදාළ භාණ්ඩයේ Seller ට දැනුම් දීම. මෙය කරන්නෙ මෙහෙමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිසෙන්න. ඉන්පසු එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Contact Seller යන්න තෝරන්න.
    මෙලෙස තේරූ විට දිස්වන පිටුවෙන් නැවතත් Contact Seller යන්න තෝරන්න. එවිට ඔබට Seller වෙත eBay Message එකක් යැවිය හැකි තිරයක් දිස්වේවි. මෙහිදී ඔබට seller ට දැනුම් දිය යුතු දේ සඳහන් කර ඔහුට/ඇයට ඔබේ ගැටළුව දැනුම් දෙන්න පුළුවන්.

මේ පිළිබඳ Seller ව දැනුවත් කළ පසු සිදුවන්නේ කුමක්ද?
    නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩයක් පිළිබඳව අප එ‍හි Seller ට දැනුම් දුන් පසු බොහෝ විට බොහෝ Sellers ලා ඒ භාණ්ඩය වෙනුවට Full refund එකක් හෝ Replacement item එකක් ලබාදෙන්න කැමති වෙනවා. මොකද එහිදී ඔවුන්ට සිදුවන සුළු පාඩුවට වඩා අප විසින් ඔවුන්ට Negative Feedback එකක් ලබාදුනහොත් ඔවුන්ට සිදුවන පාඩුව වඩා වැඩි නිසා.

  
දෝෂ සහිත භාණ්ඩයකට Refund එකක් ගැනීමට එම භාණ්ඩය නැවත Seller වෙත යැවිය යුතුද?

    මෙය රඳාපවතින්නෙ Seller මතයි. අපි භාණ්ඩය දෝෂ සහිත බව Sellerට පැමිණිලි කළ පසු ඇතැම් Sellersලා අපෙන් ඉල්ලනවා Refund එකක් දීමට හෝ Replacement Item එකක් එවීමට නම්, දෝෂ සහිත භාණ්ඩය ඔවුන් වෙත නැවත එවන ලෙස. එලෙස ඉල්ලුවහොත් අපිට එම දෝෂසහිත භාණ්ඩය නැවත එම Sellerගේ ලිපිනයට තැපෑලෙන් යැවීමට සිදුවෙනවා. (නමුත් කලබල වෙන්න එපා. දෝෂ සහිත භාණ්ඩයක් අප වෙත ලැබීමේ ඉඩකඩ ඉතාම අඩුයි. එහෙම ලැබුණත් දෝෂ සහිත භාණ්ඩය නැවත එවන ලෙස ඉල්ලන්නෙ ඉතාම සුළු Sellersලා පිරිසක් විතරයි.)

මේ පිළිබඳව Seller ව දැනුවත් කළ පසු Seller ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නම් මොකද කරන්‍නෙ?
    භාණ්ඩ නොලැබීම පිළිබඳව හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබීම පිළිබඳව අදාළ Seller ව දැනුවත් කළත් සමහර Sellers ලා ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගන්නෙ නෑ. මෙලෙස වුනොත් අපිට මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්න පුළුවන්.

 මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්නෙ කොහොමද?

    මෙය කරන්නෙත් ඉහතදී Seller ව දැනුවත් කළ ආකාරයටමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිස කලින් විස්තර කල පරිදිම එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Resolve a problem යන්න තෝරන්න.

    මෙලෙස තේරූ විට ඔබට දිස්වෙයි මෙන්න මෙවැනි ගැටළු කීපයක්. එයින් ඔබට අදාළ ගැටළුව තෝරා ගන්න.

    අදාළ ගැටළුව තේරූ විට ඊළඟට දිස්වන පිටුවෙන් ඔබෙන් අහයි ඔබ මේ පිළිබඳව Seller ව දැනුවත් කළාද යන වග. අපි දැනටමත් Seller ව දැනුවත් කර ඇති නිසා එයට 'Yes' ලෙස පිළිතුරු දෙන්න. එවිට ඔබ වෙත දිස්වෙයි Online Case එකක් ඇරඹිය හැකි පහත දැක්වෙන පිටුව. එහි ඇති 'Open a case online' තේරීමෙන් ඔබට Online Case එකක් open කර අදාළ තොරතුරු ලබා දී දින කීපයක් ඇතුලත ඔබේ ගැටළුව විසඳා ගන්න පුළුවන්.

Online Case එකක් කියන්නෙ මොකක්ද?

    හිතන්න අපේ සාමාන්‍ය වෙළඳපොළ ගැන. අපි වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ‍ගෙන ඒ භාණ්ඩය දෝෂ සහිත නම් අපි එය මුලින්ම අරං යන්නෙ ගත්ත වෙළෙන්ඳා ලඟටනෙ. ඒ වෙළෙන්ඳා ඒ දෝෂ සහිත භාණ්ඩය බාරගෙන ඒ වෙනුවට වෙන භාණ්ඩයක් දුන්නෙ නැත්තම් හෝ ඒ භාණ්ඩයේ මිල අපිට නැවත ගෙව්වෙ නැත්තම් අපි මොකද කරන්නෙ? අපිට ඒ පිළිබඳව නීති මගින් කටයුතු කරන්න වෙනවා. ඕනෙ නම් අපිට ඒ ගැන නඩු කියන්න උනත් පුළුවන්. ඒ වුනත් සාමාන්‍ය වෙළඳ පොළේ සිදුවන ඒ වගේ අලාභ පියවගන්න අපි නඩුදාන්න ගියෙ නැතත් eBay ගණුදෙනුවකදි අපිට සිදුවන අලාභයක් පියවගන්න නම් අපිට ලේසියෙන්ම නඩුවක් දාලා ලේසියෙන්ම ඒ අලාභය පියවගන්න පුළුවන්. ඔන්න ඔහොම eBay තුළ අපට වුනු අලාභයක් පියවගන්න අපි අන්තර්ජාලය හරහා දාන නඩුවකට තමයි Online case එකක් කියන්නෙ.
    මෙතනදි පැමිණිලිකරු වෙන්නෙ අපි (Buyer). වගඋත්තරකරු වෙන්නෙ Seller. eBay අඩවිය තමයි විනිශ්චයකරු ලෙස ක්‍රියා කරන්නෙ. ඉහත කියලා දීපු විදියට Online Case එකක් open කළාම eBay අඩවිය උත්සාහ කරනවා Seller ලවා අපට සිදුවුනු පාඩුව පියවලා දෙන්න. ඒත් eBay අඩවියටත් නොහැකි වුනොත් මේ පිළිබඳ Seller ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගන්න, එතකොට මොකද දන්නවද වෙන්නෙ? අන්න එතකොට මේ නඩුවෙ විනිශ්චයකරු වන eBay අඩවිය ඉදිරිපත් වෙනවා අපිට සිදුවුනු අලාභය පියවන්න. (සැබෑ ජීවිතෙත් විනිශ්යකාරවරු ඔය විදියට පැමිණිලිකරුවන්ගෙ අලාභ පියවන්න ගියොත් මරුනේ...? හික්ස්! ) එහිදී ඔබේ නඩුව අවසානයෙදී කෙලෙස හෝ ඔබේ අලාභය පියවෙන ආකාරයේ තීන්දුවක් ඔබට ලැබෙනවා.

eBay Buyer Protection කියන්නෙ මොකක්ද?
    ඔබ eBay අඩවියට යන එන විට නිතර දකින්න ඇති eBay Buyer Protection කියලා හැම තැනම දිස්වෙනවා. ඔන්න ඔය eBay Buyer Protection එකෙන් තමයි අර කිව්ව දේ වෙන්නෙ. භාණ්ඩ මිලදී ගැනීමේ ගැටළුවකට අදාළ භාණ්ඩයේ Seller විසඳුමක් ලබා නොදුනහොත් ඒ සඳහා eBay අඩවිය මැදිහත් වී විසඳුමක් ලබා දීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.
    බොහෝ විට මෙහිදී අවසානයේ Buyer ට එනම් අපිට Full Refund එකක් ලැබෙනවා. නමුත් මේ refund එක ලැබෙන්නෙ මුදල් හැටියට නෙමෙයි. කූපනයක් (Coupon එකක්) හැටියට. හිතන්න ඔබට $13 ක භාණ්ඩයකින් අලාභයක් සිදුවෙනවා කියලා. එවිට ඔබට eBay Buyer Protection වෙතින් පහත දැක්වෙන ආකාරයේ $13Coupon එකක් ලැබෙනවා. එවිට ඔබ ඊළඟට මිලදී ගන්නා භාණ්ඩයක් සඳහා ගෙවීම් කිරීමට ඔබට මෙම කූපනයේ ඇති Redemption Code යන කේතය යොදාගන්න පුළුවන්.

eBay ගණුදෙනු වලින් අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්ද?

    අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්. නමුත් අපිට ඒ අලාභ පියවාගැනීමටත් පුළුවන්. ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන ඔබ දැනුවත් නම් ඔබට කිසිදිනෙත eBay ගණුදෙනු වලින් අලාභයක් සිදු වෙන්නෙ නෑ. eBay ගණුදෙනු වලින් සිදුවුනු අලාභ ගැන ඔබට යම් කෙනෙක් කිව්වොත් එකත් එකටම ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන නොදන්නා කෙනෙක්. ඉතිං දැන් ඔබ අලාභ පියවාගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත් නිසා ඔබට බය නැතුව eBay ගණුදෙනු කරගෙන යන්න පුළුවන්.

eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු

eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු.

eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද?

    කොහෙත්ම නැහැ. බදු ගෙවිය යුත්තේ ඇතැම් භාණ්ඩ සඳහා පමණයි.

තීරු බදු නොගෙවා අපිට භාණ්ඩ ලැබෙන්නෙ කොහොමද?

    eBay වෙතින් ඔබ ගෙන්වන සෑම භාණ්ඩයක් සමඟම Customs Declaration නමින් තොරතුරු කීපයක් seller විසින් සැපයෙනවා. (මේ තොරතුරු බොහෝවිට මුද්‍රණය කර තිබෙන්නෙ ඔබට භාණ්ඩය ලැබෙන ලියුම් කවරයෙයි.) මේ තොරතුරු වැදගත් වෙන්නෙ භාණ්ඩය අපේ රටට ආ පසු එය අපේ රේගුවෙන් නිදහස් කිරීමට. බොහෝ sellersලා මෙම Customs Declaration එකෙහි ඔබේ භාණ්ඩය නම් කරන්නෙ Gift Item එකක් හෝ Commercial Sample එකක් ලෙස. මේ නිසා බොහෝවිට ඔබෙන් බදු අයවීමක් සිදුවන්නෙ නෑ. නමුත් එලෙස නම් කර තිබුණත් භාණ්ඩයේ  ප්‍රමාණය සහ වටිනාකම මත ඇතැම් විට බදු ගෙවීමට සිදුවෙන්න පුළුවන්.

 භාණ්ඩයක් ලැබුණු ලියුම් කවරයක මුද්‍රණය කර ඇති Customs Declaration එකක්

  
බදු අයවෙන්නෙ මොන වගේ භාණ්ඩ වලටද?

    සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි භාණ්ඩ සහ ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ සඳහා බදු අයවීමට ඇති ඉඩ කඩ වැඩියි. නමුත් එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. ප්‍රමාණයෙන් ඉතා කුඩා භාණ්ඩ (Processor වැනි) වටිනාකමින් වැඩි උනත් බදු ගෙවීමට සිදුනොවෙන්න පුළුවන්. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ (Laptop Backpack වැනි) වටිනාකමින් කුඩා නම් ඒත් බදු අය‍ නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ මේ භාණ්ඩ වලට අනිවාර්යයෙන්ම බදු අයවෙනවා යයි හරියටම පැවසීමට අපහසුයි.

බදු ගෙවන්න සිදු වුනොත් බදු ලෙස කොපමණ මුදලක් ගෙවිය යුතුද?

    මෙය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. එක් එක් භාණ්ඩය සඳහා ආනයන බදු තීරණය වෙන්නෙ රජය විසින් ඒ ඒ භාණ්ඩ සඳහා පනවා ඇති බදු අනුවයි. එක් එක් භාණ්ඩ සඳහා රජය විසින් පනවා ඇති ආනයන බදු,‍ රේගු වෙබ් අඩිවය හරහා ඔබට මෙතැනින් දැක බලා ගැනීමටත්, මෙතැනින් බාගත කරගැනීමටත් පුළුවන්. කෙසේ හෝ මෑතකදි රජය විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමනම් eBay වෙතින් භාණ්ඩ ගෙන්වන අපි කාටත් වාසියක්.

බදු ගෙවන්න සිදු වුනොත් අපි බදු ගෙවන්න ඕනා‍ කොතැනටද?

    මෙය තීරණය වෙන්නෙ අපිට භාණ්ඩය ලැබෙන ප්‍රවාහන සේවාව අනුව. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ සාමාන්‍ය තැපෑලෙන් නම් බොහෝවිට භාණ්ඩය අපේ තැපැල් කාර්යාලය දක්වාම එනවා. එවිට අපි අපේ තැපැල් කාර්යාලයට ගොස් බදු ගෙවා භාණ්ඩය ලබාගත යුතුයි. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ FedEx, UPS, TNT හෝ DHL වැනි ප්‍රවාහන සේවාවකින් නම් බොහෝ විට භාණ්ඩය ඔවුන්ගේ මෙරට කාර්යාලයක නතර වෙනවා. එවිට අප ගොස් බදු ගෙවිය යුත්තේ ඔවුන්ගෙ එම කාර්යාල වලටයි.

භාණ්ඩය තැපැල් කාර්යාලයේ හෝ ප්‍රවාහන සේවා කාර්යාලයකට පැමිණ නතර වී ඇති බව අපි දැනගන්නෙ කොහොමද?

    ඒ පිළිබඳ අපිට තැපෑලෙන් ලිපියක් ලැබෙනවා. භාණ්ඩය ලබා ගැනීමට පැමිණිය යුතු තැන සහ පිරවීමට අවශ්‍ය ලියකියවිලි එම ලිපිය සමඟ අපිට ලැබෙනවා. එවිට අප කළ යුත්තේ එම අදාළ ලියකියවිලි පුරවාගෙන අදාළ තැනට ගොස් බදු මුදල ගෙවා භාණ්ඩය ලබාගැනීමයි.

බදු ගෙවන්න සිදු වුනොත් අපිට පාඩු ලබන්න වෙයිද?

    ඔබ දැනටමත් දන්නවා ඇති eBay හී ඇති බොහෝ භාණ්ඩ (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ) වල මිල මෙරට මිලට වඩා ඉතා අඩු බව. ඉතිං අපිට යම් භාණ්ඩයකට බදු ගෙවීමට සිදු වුනත් බොහෝවිට ඒ බදු මුදල ගෙවීමෙන් පසුත්, භාණ්ඩය සඳහා වියදම් වුනු මුළු මුදල මෙරට මිලට වඩා අඩුයි. ඒ නිසා අපිට පාඩුවක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි.

eBay වෙතින් අපිට ජංගම දුරකථන (Mobile Phones) සහ GPS උපකරණ ගෙන්විය හැකිද?

    පුළුවන්. eBay වෙතින් අපිට ඕනෑම භාණ්ඩයක් ගෙන්වන්න පුළුවන්.

ජංගම දුරකථන සහ GPS උපකරණ ගෙන්වූ විට ඒ සඳහා TRC වෙතින් අනුමැතිය ගැනීම අත්‍යවශ්‍යද?

    ඔව්. ජංගම දුරකථන සහ GPS උපකරණ යනු සන්නිවේදන උපකරණ වර්ග දෙකක්. එම නිසා මෙරටට ගෙන්වන සියලු සන්නිවේදන උපකරණ ගැන අප රටේ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) දැනුවත් විය යුතුයි. මේ නිසා අපි ගෙන්වන එවන් සන්නිවේදන උපකරණ සඳහා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුයි. (GPS උපකරණ සඳහා ඇතැම්විට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමටද සිදුවීමට පුළුවන්.)

TRC වෙතින් අනුමැතිය ලබාගන්නෙ කොහොමද?

    මේ සඳහා ඔබ නාරාහෙන්පිට ඇති විදුලිසංදේශන නියාමන කොමිෂව් සභාවට යා යුතුයි. එහි ගොස් අදාළ පත්‍රිකා පුරවා භාරදීමෙන් විනාඩි 15ක් 20ක් වැනි සුළු කාලයක් ඇතුලත ඔබ‍ට එම අනුමැතිය ලබාගත හැකියි.

eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම

නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු.

eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?

    eBay ගැන මුල්ම ලිපියෙදි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න‍ මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ.

eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?

    විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්.


eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?

    එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [2] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්.
    අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්.

eBay වෙන්දේසියක් (Auction එකක්) සාමාන්‍ය වෙන්දේසියකින් වෙනස් වෙන්නෙ කොහොමද?

    සාමාන්‍යයෙන් සැබෑ ජීවිතේ වෙන්දේසියක් සිදු කරන්නෙ යම් පුද්ගලයෙක් මැදිහත් වෙලා. ඒ පුද්ගලයා වෙන්දේසියෙ ආරම්භක වටිනාකම පැවසුවායින් පසුව ගැනුම්කරුවෙකුට පුළුවන් ඊට වැඩි අගයක් පවසලා ලංසුවක් තබන්න. ඊටපසු තවත් වෙනත් ගැණුම්කරුවෙකුට පුළුවන් ඊටත් වැඩි අගයක් පවසලා වැඩි ලංසුවක් තබන්න. මෙසේ කෙමෙන් මෙන් එම භාණ්ඩයේ වටිනාකම වැඩි වෙලා අවසානයේ එම භාණ්ඩය හිමිවෙන්නෙ, ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලෙස මැදිහත්කරු පවසත්දිත්, කිසිවෙකුත් තවත් ලංසු තබන්නට ඉදිරිපත් නොවුනහොත්, එම භාණ්ඩයට වැඩිම ලංසුව තැබූ ගැණුම්කරුටයි.

    eBay තුළ වෙන්දේසි වලදි මෙලෙස පුද්ගලයෙක් මැදිහත් වෙන්නෙ නෑ. eBay වෙන්දේසි සිදුවෙන්නෙ යම් කාල සීමාවක් උපයෝගී කරගෙන. eBay තුළ සෑම වෙන්දේසියකටම එම වෙන්දේසිය අවසන් වන නිශ්චිත වේලාවක් (ending time එකක්) තිබෙනවා. වෙන්දේසිය (Auction එක) අවසානයේ භාණ්ඩය හිමිවෙන්නෙ මෙන්න මේ වේලාව වෙද්දි භාණ්ඩ සඳහා වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි (buyerටයි).

eBay Auction එකක් අවසානයේ භාණ්ඩය මිල දී ගත හැක්කේ කාටද?

    ඉහතදී සඳහන් කළ පරිදි අවසානයේ භාණ්ඩය මිලදී ගත හැකි වන්නේ වෙන්දේසිය (Auction එක) අවසන් වන වේලාවෙදි වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි.

යම් භාණ්ඩයක වෙන්දේසිය අවසන් වල වේලාව අපි දැනගන්නෙ කොහොමද?

    මෙයත් භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නමට ඉදිරියෙන් සඳහන් වී තිබෙනවා. බොහෝ විට මෙය සඳහන් වෙන්නෙ වෙන්දේසිය අවසන් වීමට ඉතිරි වී ඇති කාලය, එනම් Time left format ලෙසින්.
    අවශ්‍යවනම් මෙය වෙන්දේසිය අවසන් වන දිනය සහ වේලාව‍ ලෙසින් දැකගන්නත් ඔබට පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ Custom view වෙත ගොස් 'Show time in:' යන පසුතලය (setting එක) Date format ලෙස වෙනස් කිරීමෙන් පුළුවන්. [3]

ඇතැම් eBay Auction භාණඩ වල මිල ඉතාම අඩුයි. මෙසේ වන්නේ කොහොමද?

    මෙලෙස ඉතා අඩු‍වෙන් සටහන් වෙන්නෙ ඇත්තටම ඒ භාණ්ඩයේ විකුණුම් මිල නෙමෙයි. එලෙස සටහන් වෙන්නෙ එ‍ම භාණ්ඩය සඳහා මේ වන විට තබා ඇති වැඩිම ලංසුවයි (current bid එකයි). Auctions එකක් ආරම්භ කළ සැනින් ඕනෑම භාණ්ඩයක current bid එක ඉතා අඩුයි. එය සීඝ්‍ර ලෙස වැඩි වෙන්නෙ Auction එකක් අවසාන වන අන්තිම විනාඩි කීපයෙයි.

අපිට Auction එකකට bid කරන්න පුළුවන් කොයි වෙලාවෙද?

    Auction එකක් ආරම්භ කළායින් පසු ඕනෑම වේලාවක (එනම් search results list එකක ඇති ඕනෑම Auction භාණ්ඩයකට) අපිට bid කරන්න පුළුවන්. නමුත් එලෙස bid කළ භාණ්ඩයේ Auction එක අවසන් වන තෙක් අපි අවධානයෙන් සිටිය යුතුයි.

ඉක්මණින් අවසාන වන Auctoin භාණ්ඩ වල ලැයිස්තුවක් අපට ලබාගන්න බැරිද?

    පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබේ භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුව (search results list එක) Time: ending soonest ලෙස sort කිරීමයි. [4]

යම් භාණ්ඩයක් සඳහා Bid කරන්නෙ කොහොමද?

    යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සාමාන්‍ය භාණ්ඩයක අපි Buy it Now බොත්තම ඔබන තැන) Auction භාණ්ඩ වල සටහන් වෙන්නෙ Place bid කියලා බොත්තමක්. ඊට ඉදිරියෙන් Current bid සහ Your max bid ලෙස සඳහන් වෙනවා. මෙහි Current bid ලෙස සඳහන් වෙන්නෙ එම භාණ්ඩය සඳහා මේ වන විට ඇති වැඩිම ලංසුවයි. You max bid යන තැන අපිට අපේ වැඩිම bid එක සඳහන් කර Place bid බොත්තම ඔබා අපේ bid එක තබන්න පුළුවන්. අපිට සඳහන් කළ හැකි අවම bid එක එහි යටින් වරහන් තුළ සඳහන් වී තිබෙනවා. ඊට වැඩි ඕනෑම අගයක් අපිට bid කරන්න පුළුවන්.
Your max bid යන්නෙන් හැඟවෙන්නෙ කුමක්ද?

    මෙහෙමයි. ඔබ Your max bid එක ලෙස කුමන අගයක් තැබුවත්, ඔබ bid කළායින් පසුව ඒ භාණ්ඩයේ Current bid එක වන්නෙ අර වරහන් තුළ සඳහන් වී තිබූ අගයයි. (වෙන අයෙක් ඊට වැඩි අගයක් max bid ලෙස තබා නොමැතිනම්) ඔබ max bid ලෙස සඳහන් කළ යුත්තේ ඔබට එම භාණ්ඩය සඳහා වියදම් කළ හැකි වැඩිම අගයයි. එනම් වෙනත් ගැනුම්කරුවෙක් ඔබ bid කළායින් පසුව ඇති current bid එකටත් වඩා වැඩි අගයක් bid කළහොත්, ඔහුගේ එම bid එකට වැඩි අගයක් ඉබේම අපේ නමින් bid වෙනවා. ඔහු ඊටත් වැඩි අගයක් නැවත bid කළොත්, නැවතත් ඔහුගේ bid එකට වැඩි අගයක් අපේ නමින් bid වෙනවා. මෙලෙස අප තැබූ max bid අගය වන තෙක්ම මෙලෙස අප වෙනුවෙන් bid කිරීම eBay අඩවිය විසින් සිදුකරනු ලබනවා.

අවසානයේ අපට භාණ්ඩය දිනාගත හැකි වන්නේ කොහොමද?

    Auction එක අවසාන වල වේලාව වන විටත්, ඔබ තැබූ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් කිසිම ගැනුම්කරුවකු විසින් bid නොකෙරුවහොත් ඔබට එම භාණ්ඩයේ දිනුම (භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව) හිමිවෙනවා. මෙලෙස ඔබ දිනා ගත් භාණ්ඩය මිලදී ගැනීමේදී ඔබට ගෙවන්නට සිදුවෙන්නෙ ඔබ තැබූ max bid අගය හෝ ඊට අඩු අගයක් පමණයි.

භාණ්ඩයක් අප දිනූ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.

අපේ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් ගැනුම්කරුවකු bid ක‍ළහොත්?

    මෙසේ වුවහොත් ඒ බව අපව eBay අඩවිය මඟින් email එකක් එවීමෙන් දැනුවත් කරනවා. ඉන්පසු අපට අවශ්‍යනම් අපේ max bid අගය නැවතත් වැඩි කරන්න පුළුවන්.

වෙනත් ගැනුම්කරුවකු අපේ bid එකට වඩා වැඩි අගයක් bid කළ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.

අප bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීම අනිවාර්යයිද?

    ඔව්. අප යම්කිසි භාණ්ඩයකට bid කර ඒ භාණ්ඩයේ දිනුම හිමිවුනොත් අප එම භාණ්ඩ මිලදී ගැනීමට බැඳී සිටිනවා.

Bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීමට අපට නොහැකි වුවහොත්?

    මෙසේ සිදුවීමෙන් අපේ eBay ගිණුමෙ කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ හේතුවෙන් අප ඉදිරියෙදි සිදුකරන ඇතැම් ගණුදෙනු වලට අපට සම්බාධක පැනවෙන්න පුළුවන්. ඇතැම් sellersලා මෙවන් buyersලාට තවදුරටත් භාණ්ඩ ලබා දෙන්නෙ එසැණින්ම Pay ක‍ළහොත් පමණක් වන අතර ඇතැම් sellersලා මෙවන් buyersලාට භාණ්ඩ විකිණීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙවන් මුදල් නොගෙවීම් කීපයක් සිදුවීම ඇතැම් විට අපේ eBay ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීමට පවා හේතුවෙන්න පුළුවන්. එමනිසා ඔබ මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩ වලට පමණක් bid කිරීමට වගබලාගත යුතුයි.


Bid කිරීම සඳහා භාණ්ඩයක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුනත් එම භාණ්ඩය සඳහා ප්‍රවාහන ගාස්තු (shipping cost) පැවතිය හැකියි. එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ search result list එකේ ප්‍රවාහන ගාස්තුත් දැකබලා ගැනීමට Custom view වෙත ගොස් Show shipping cost යන්න ටික් කරන්න.
    Auctions වෙතින් ඔබට භාණ්ඩයක් දිනාගෙන මිලදී ගැනීමට නම් Auction එක අවසාන වන තෙක්ම සිටිය යුතු වෙනවා. එමනිසා සැමවිටම Auction එක අවසාන වීමට ඉතිරි වී ඇති කාලය ගැන සැලකිලිමත් වෙන්න.
    ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සි නම් search results list එක Time: ending soonest ලෙස sort කර ඉක්මණින්ම අවසාන වන භාණ්ඩයක් සඳහා bid කරන්න.
    ඕනෑම Auction එකක current bid එක සීඝ්‍ර ලෙස වැඩි වන්නෙ Auction එක අවසාන වීමට පෙර අන්තිම විනාඩි කීපයේ බව මතක තබාගන්න. ඔබ bid කළ භාණ්ඩයක Auction එකෙහි අවසාන විනාඩි කීපය eBay අඩවියට පිවිස අවධානයෙන් සිටීමට වගබලාගන්න.
    ඔබ මින් පෙර bid කර නොමැති නම් සාමාන්‍යයෙන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින්ම bid කර ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඔබේ දැනුමට ඔබේ අත්දැකීම්ද එකතු කරගත් පසු මිල වැඩි භාණ්ඩ වෙත යන්න.



12 comments:

  1. Thank you Very much for Most Important & Interesting Post

    ReplyDelete
  2. Hii

    Mage laga "Payneer Master Card" Akak thyenawa athakota mata a Card aka Use karala Shopping karanna barida ? Sampath web Card & Paypal Oonimada ?

    Thanks

    ReplyDelete
  3. Wadaath hoda kramaya Bid karana aka da ? Buy it Now karana akada ?

    Thank you

    ReplyDelete
  4. watinawa kiyala wadak na thanks

    ReplyDelete
  5. Thank you..! Most Important post...
    Keep it up..

    ReplyDelete
  6. Thank you🎀
    ගොඩක් වටිනවා

    ReplyDelete
  7. It's a valuable post.my pleasure for you

    ReplyDelete
  8. බොහොම වටින ලිපියක් බොහොම ස්තුතියි .👍

    ReplyDelete
  9. Godak wadagath lipiyak.thank you

    ReplyDelete
  10. බොහොම වටින ලිපියක්...ගොඩක් ස්තූතියි

    ReplyDelete